ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මිලියන ගණනක් දක්වා ඉහළට

ජනාධිපතිවරණය,මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6 දක්වාත් ,ඒ සඳහා ඉදිර්පත් වන ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වාත් වැඩිවනවා.

එමෙන්ම මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත්වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11,000ක් ලෙසත්,ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වාත් වැඩිකිරීමට අනුමැතිය හිමිව ඇති බවත් දැක්වෙනවා.

පළාත් පාලන ,මැතිවරණය සඳහාත් පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත්,සේවාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000 දක්වාත් එම ඇප ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.