නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස තීන්දුවක් දෙන ලෙස ඉල්ලා එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.
ඒ, ජනාධිපතිවරයා විසින් පැවැත්වෙන දිනය නිවැරදි ලෙස නියම කර ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බලනු ලැබුවා.v