තෛපොංගල් උත්සවය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ යාපනයේ පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
උතුරු පළාතේ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ තොණ්ඩිමනාරු, සෙල්ව සන්නිති මුරුගන් කෝවිලේ පැවති උත්සවවලදී ප්‍රතිලාභීන් අතර පොංගල් කට්ටල බෙදා දී තිබුණි. චූලිපුරම්ක, ලෙයිමගල් නිදහස් අධ්‍යාපන සංගමයේ දී අඩු පහසුකම් සහිත සිසුන් සඳහා පාසල් බෑග් සහ ඉගෙනුම් කට්ටල බෙදා දෙන ලදී.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් කෝරළෙයි පත්තුව දකුණල කෝරළෙයි පත්තු බටහිර, එරාවුර් පත්තුව, මන්මුනේ නිරිත දිග සහ පෝරතිව් පත්තුව, මන්මුනේ දකුණ සහ දකුණේ පැතිරී ඇති ගංවතුරෙන් විපතට පත් පවුල් 750ක් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදී ඇත.
මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව අවුරුදු උත්සවයට සමගාමීව නාවලපිටිය කඩියන්ලෙන ශාන්ත ජෝශප් වාස් දේවස්ථානයේ පැවති උත්සවයකදී වතු කම්කරුවන් සඳහා කුඩ සහ වැහි කබා 200ක් බෙදා දෙන ලදී. දුරුතු පොහොය දිනයට සමගාමීව දිවුරුම්පොල රජමහා විහාරස්ථානයේ පිහිටි වන්දනා තානායම වෙත මෙට්ට 50කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමද සිදු විය.
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් තිස්සමහාරාම මූලික රෝහලට එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර 8ක් තෑගි කරන ලදී. ප්‍රදේශවාසීන්ට නොමිලේ ආයුර්වේද උපදේශන සහ ඖෂධ ලබාදීම සඳහා ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා එක්ව විශේෂ ආයුර්වේද වෛද්‍ය කඳවුරක් ද ශ්‍රී සුධර්මාරාම රජමහා විහාරස්ථානයේ දී සංවිධානය කර තිබුණි.