ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාලිවලින් ගමන් කිරීම වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අද පොලිසීයට දැනුම් දුන්නා.
එවැනි පෙළපාලි නතර කිරීම සඳහා ජංගම මුර සංචාර වැඩිකරන ලෙසයි පොලිසීයට මෙහිදී නියෝග කළේ.
කෙසේ වෙතත් ඇතැම් දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙවැනි පෙළපාලි සඳහා යන බවට ,පැමිණිලි රැසක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
එවැනි ක්‍රියා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධාවක් බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.
මේ අතර නීති විරෝධි ලෙස පවත්වාගෙන යන මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී පොලීසියට නියෝගකර තිබෙනවා.