හදිසි ආපදාවෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට -5ක් අතුරුදන්

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති දැනට පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05කුත්, මාතර ප්‍රදේශයෙන් මරණ 04කුත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03කුත් මේ වනවිට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පුද්ගල අතුරුදන් වීම් 05ක් වාර්තා වන බවත් ඒ මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!