දිනේෂ් වීරක්කොඩි සිලෝන් හොටෙල් කෝපරේෂන් හි ඉහළ තනතුරකට

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුකරුවෙකු හා රාජ්‍ය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර පෞද්ගලික ආයතන රැසක ඉහළ තනතුරු දරා විශාල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන දිනේෂ් වීරක්කොඩි මහතා සිලෝන් හොටෙල් කෝපරේෂන් PLC හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද පත්ව තිබේ.

නව තනතුර ජනවාරි 21 දා සිට බලාත්මකය. ඔහු මේ වනවිට පුමුඛ ජාත්‍යන්තර බැංකුවක් වන යුනියන් බැංකුවේ සභාපතිවරයා ලෙස ද  කටයුතු කරයි. ඒ මහතා හිටපු ජනපති රනිල් ගේ මෙන්ම මහාභාණ්ඩාගාරයේ ප්‍රධාන උපදේශකයා ලෙස ස්වේච්ඡාවෙන් ක්‍රියා කළේය. තවද ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා මෙන්ම කොළඔ පෝට්සිටි හි ප්‍රධානියා ලෙස නව ලොවට සරිලන අංගෝපාංග සහිත පසුබිමක් ඇති කිරීමේ පුරෝගාමියා ලෙස ද කටයුතු කළේය.දිනේෂ් වීරක්කොඩි මහතා ඊට පෙර මෙරට ප්‍රමුඛතම වානිජ බැංකු යුගලයක් වන කොමර්ෂල් හා හැටන් නැෂනල් බැංකු වල සභාපති ධුරය ද DFCC බැංකුවේ අධ්‍යක්ෂධුරයක් උසුලමින් එම බැංකු වල ප්‍රගමනයට විශාල සේවයක් ඉටුකල අයෙකි. ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ද වන ඒ මහතා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ ජේෂ්ඨ උප සභාපති ලෙස ද ක්‍රියා කරන ඔහු තවත් ජාතික හා ජාත්‍යන්තර සමාගම් රැසක ඉහළ තනතුරු හොබවයි.