දිලිත් දෙරණේ සිටියදීම ‘පොහොට්ටුවේ දේශපාලනය කළ බව’ ප්‍රසිද්ධියේ පිළිගනී

“අපේ හාමුදුරුවනේ ඔය පොහොට්ටුව මම අතින් ඇඳපු ලාංඡනය. අලුත් ශ්‍රී ලංකාවක් කියලා මම අතින් ලියුවේ ඔය පොහොට්ටුව අයිති අපිට. ඔය පොහොට්ටුව අයිති නෑ විවේකයට ලංකාවට ඇවිල්ලා වහල්ලු වගේ මේ මිනිස්සු හසුරුවන බැසිල් රාජපක්ෂට කියලා මම බොහොම කණගාටුවෙන් කියන්නට කැමැතියි.” යනුවෙන් දෙරණ ආයතනයේ හිටපු සභාපති සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

බදුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ

“69 ලක්ෂයක් මිනිස්සු ඡන්දේ දුන්නේ බැසිල්ට නෙමෙයි, නාමල්ටත් නෙමෙයි. අපිට විශාල ගෞරවයක් තියනවා මේ රටට සාමය උදා කරපු යුද්ධය අවසන් කරපු ඒ මහින්ද රාජපක්ෂ යුග පුරුෂයාට. නමුත් එතුමා දැනගත යුතු කාරණයක් තමයි එතුමාගේ සහෝදරයත් එතුමාගේ පවුලේ ඉන්න සෙසු උදවියත් හදාගන්නට, නිවැරදි මාර්ගයේ ගෙනියන්නට.

දිගින් දිගටම කියලා තියනවා මේ 69 ලක්ෂයක් ජනතාවට නායකත්වයක් අද නෑ කියලා. ඇයි 69 ලක්ෂයක් ජනතාව කියුවේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා ආයේ ආයෙමත් ජනාධිපති කරන්න කියලා. 69 ලක්ෂයක් ජනතාව කියුවේ රනිල් වික්‍රමසිංහ එපා කියලා.

ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කියලා තියනවා පොහොට්ටුවට දාන්න ජනාධිපති අපේක්ෂකයෙක් නෑ කියලා. මොන පොහොට්ටුවටද බැසිල්ගේ පොහොට්ටුවටයි නැත්තේ ජනතාවගේ පොහොට්ටුවට ඉන්නවා ඒ ඉන්න මේ දිලිත් ජයවීර.” යනුවෙනුයි.

දිලිත් ජයවීර මහතා පොදුජන පෙරමුණ ආරම්භක සමයේ දෙරණ ආයතනයේ සභාපතිවරයායි.