සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිය සඳහා සකසන ලද Digital EPF මෟදුකාංගය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහන අද (29) කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත,කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍යංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
“පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඩිජිටල් රාජ්‍යකරණයක් උදෙසා සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් වඩාත් කාර්යක්ෂම සේවාවන් බවට පත් කිරීමේ අරමුණින් මෙම මෘදුකාංගය හඳුන්වා දීම සිදු කෙරිණ.
නව ව්‍යාපාර / ආයතන ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව අයදුම් කිරීමේ පහසුකම දී ලියාපදිංචි සහතිකය මාර්ගගතව සේවායෝජක වෙත යොමු කිරීම, දැනට එම අරමුදලෙහි ලියාපදිංචි ආයතන සඳහා පරිශීලක ගිණුම් (Company Profile) සකස් කර එම ආයතන මගින් අලුතින් බඳවා ගනු ලබන සේවකයන් සහ මේ වන විට එම අරමුදලෙහි ලියාපදිංචි වී නොමැති සේවකයන් ලියාපදිංචිය මාර්ගගතව සිදුකිරීම සහ B කාඩ්පත මාර්ගගතව යොමු කිරීම ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මේ තුලින් ලබා ගත හැක.
මෙහිදි මෙම අවස්ථාවට සහභාගි වෙමින් කම්කරු ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසා සිටියේ, සේව්‍ය සේවක වෘත්තීය සමිති මේ සියලු පාර්ශවයන් අතර යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම තුළින් කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය වඩාත් ඉහළ නැංවීමට එය විශාල පිටුබලයක් වන බවයි.
නිෂ්පාදන කාර්යභාරය ඵලදායීතාවය වැඩි කිරීමට තාක්ෂණය ඉතාම වැදගත් වෙන බවත් “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ජනතාවට වඩාත් යහපත් සේවාවක් සැලසීම අරමුණු කරමින් එහි එක් පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව මෙම වැඩ සටහන මෙසේ ආරම්භ කරනු ලැබූ බව ද පෙන්වා දුන්නේ ය.
එහිදි ඇමතිවරයා මෙසේ ද කීය.
කම්කරු අමාත්‍යංශය කියන්නේ රටේ වැඩකරන ජනතාවගේ ශ්‍රමයත් සමඟ ගැට ගැසී තිබෙන අමාත්‍යංශයක්. ඒ කාර්යභාරය, විෂයපථයේ අරමුණු ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරනවා. කම්කරු අමාත්‍යංශයේ කාර්යභාරය සාරංශගත කරලා ගත්තොත් විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් රටක කම්කරුවන් සේව්‍යයන් සම්බන්ධ වන්නේ කුමක් සඳහාද නිෂ්පාදන ක්‍රියාවලිය සඳහායි. අපිට ජීවත් වෙන්න නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අපිට විවිධ වූ අත්දැකීම් අතීතයේ සිට තිබුණා. ඒ් ක්‍රියාවලිය තුල අතීතයේ විවිධ වු ප්‍රශ්න තිබුණා. ඉතාම කාර්යක්ෂමව මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම් එතැනම ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්විට ඉන්දියාව වගේ රටවල්වල නිෂ්පාදන කාර්යක්ෂමතාවයට ඵලදායිතාවය දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ් කියන්නේ නිදන්ගත ප්‍රශ්නයක් තියෙනවා. කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ඉහළට ගෙන ඒමට බැරි වෙලා තියෙනවා. ඔය දෙක හදාගත්තොත් අනික් ප්‍රශ්න ටිකත් ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. සේව්‍ය සේවකයන් අතර මිත්‍රශිලි යහපත් සම්බන්ධතාවය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ගොඩක් වැඩ කටයුතුවලදි අපි අරමුණු කරගන්නේ යහපත් නිෂ්පාදන සම්බන්ධතාවයක් කොහොමද පවත්වා ගෙන යන්නේ කියලා.
අපි උත්සහ කරන්නේ මේ සෑම පියවරක්ම එකින් එක අරගෙන වඩාත් හොඳ, සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට නිෂ්පාදන සම්බන්ධතාවයක් ඇති කරන්න. ඒ අනුව ගුණාත්මය, ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම තමයි පුළුල් අරමුණ. ඒ කාර්යයේදී තාක්ෂණය ඉතාමත් වැදගත් වෙනවා. කිසිම උපකරණයක් නොතිබුණු අතීතයේදිත් උපකරණ මිනිස්සු හදාගත්තා. ලී වලින්, යකඩ වලින් වෙන්න පුළුවන්. දෑතෙන් වෙන්න පුළුවන්. විවිධ විදිහට කරගෙන ආවා. අද වෙනකොට කිසිම විවාදයක් නෑ, තාක්ෂණය විසින් ඒ සියලූ කාර්යයන් වැඩිම වේගයෙන් කාර්යක්ෂමව හා ඵලදායීතාවයෙන් කරන්න පුළුවන් තැනට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා තමයි අලූත් යන්ත‍්‍රසූත‍්‍ර ඇවිල්ලා තියෙන්නේ. යන්ත‍්‍රසූත‍්‍ර සහ තාක්ෂණයේ ප‍්‍රතිලාභ මහජනතාවට ලැබෙන්නට ඕනේ. අපිට තාම ඒක රට ඇතුළේ කරගන්න බැරිවෙලා තියෙනවා. තාක්ෂණය ලෝකයේ ගොඩක් ජයග‍්‍රහණ අත්පත් කරගෙන තියෙනවා. අපි ඊට වඩා පිටුපසින් ඉන්නේ. අපිට අභියෝග දෙකක් එකවර ජයග‍්‍රහණය කරන්න ඕනේ.
අපි පිටුපසින් ඉන්නේ ලෝක තාක්ෂණයෙන්, විශේෂයෙන් අපි නිතරම කතා කරන AI, ඒ වගේම රොබෝටික්ස්, යම් යම් තැන්වල කර්මාන්තශාලා වල මේක තියෙනවා. අපි පාවිච්චි කරනවා. හැබැයි මං අර කිව්ව නිෂ්පාදන ඵලදායීතාව වැඩි කරගැනීම, කාර්යක්ෂමතාව වැඩි කරගැනීම ඒකේ ප‍්‍රතිලාභ සාධාරණ විදිහට මිනිස්සුන්ට යන විදිහට මේ තාක්ෂණය තාම අපි ළඟට ඇවිත් නැහැ. උසස්ම තාක්ෂණය තාම අපිට ඇවිත් නැහැ. ඒ නිසා උසස්ම තාක්ෂණය අපි ළඟට ගෙන ඒමත් ඒ තාක්ෂණයේ ප‍්‍රතිලාභ මහජනතාව අතරට ගෙනයෑමේ වැඩපිළිවෙලේ, ව්‍යායාමේ තමයි අපේ අමාත්‍යාංශය ඉන්නේ. ඒක හෙමින් හෙමින් ඉදිරියට යනවා. එහි එක් පියවරක් තමයි මේ අද අපි සිද්ධ කරන ඊපීඑෆ් සම්බන්ධයෙන් අපි ඒවා ගෙවීම සිද්ධ කරද්දී භෞතිකව ගිහිල්ලා කරපු වැඩ කොටස වෙනුවට තාක්ෂණය යොදාගැනීම එක් පියවරක්.
ඊපීඑෆ් කියලා කියන්නේ අපිට දැනට තියෙන හොඳම සමාජ සුරක්ෂිතතාවයයි. ඔවුන් වැඩ කරන්න පුළුවන් කාලයේදි ඔවුන්ගේ ශ‍්‍රමය දීලා සේවයෙන් විශ‍්‍රාම යද්දී ඔවුන්ට ඒ අදාල ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා. ඒක සමාජීය කාර්යයක්. තාක්ෂණය, ආර්ථිකය, නිෂ්පාදනය සියල්ල ගැටගැහිලා තියෙනවා. ඒ වගේම තව මේකට වැඩි දියුණු කරන්න ඕනේ ක්ෂේත්‍ර තියෙනවා නම්, නිරන්තරයෙන් දැනුවත් කරන්න අපේ අමාත්‍යාංශය, කම්කරු කොමසාරිස්තුමිය, ලේකම්තුමා ඇතුලූ නිලධාරීන් මහත්ම මහත්මීන්. ඇත්තටම අපි දැන් සැදී පැහැදි ඉන්නවා, ඒ තොරතුරු අරගෙන නව අදහස් අරගෙන තව තව වැඩි දියුණු කරගන්න. මොකක් සඳහාද වඩාත් යහපත් නිෂ්පාදන සම්බන්ධතාවයක් කාර්යක්ෂම නිෂ්පාදනය සහ ඵලදායීතාවය වැඩි කරගැනීම සඳහා.
ඉතින් ඒ සඳහා කම්කරු දෙපාර්තමේන්තුව විවෘතව පවතිනවා. ඔබට නිතර සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ වැඩකටයුත්ත සාර්ථකව කරන්න වෙහෙස මහන්සි වෙච්ච විශේෂයෙන් අපේ කම්කරු කොමසාරිස්තුමිය, ලේකම්තුමිය ඇතුලූ සියලූ දෙනා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ වැඬේ ඉවර කරන්න. කම්කරු අමාත්‍යාංශයේ සියලූම දෙනා මේ කාර්යයට දායක වුණා. ඔවුන් සියලූදෙනාට මගේ ස්තූතිය පුදකරනවා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා
කම්කරු අමාත්‍යාංශයටත්, මේ රටේ වැඩ කරන ජනතාවටත් ඒ වගේම හාම්පුතුන්ටත් අද සුවිශේෂි දවසක්. ලෝකය වේගයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙන යුගයක්. අපි රටක් ලෙස ඉන්නේ ලෝකය සමඟ සංසන්දනය කරනවිට ගොඩක් පසුපසින්. නමුත් අපේ ආණ්ඩුවේ ආරම්භයේ සිටම අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සිටම අපි දැඩි අවධානයක් යොමු කරපු තැනක් තමයි, මේ ඩිජිටල්කරණය කියන කාරණය. අපේ ආණ්ඩුවේ මූලිකම උපාය මාර්ග අතර ප‍්‍රමුඛ තැනක් හිමිවන තැනක් තමයි, මේ ඩිජිටල්කරණය කියලා කියන්නේ. ඊපීඑෆ් ලියාපදිංචියේදී එක පැත්තකින් සේවායෝජකයින් ද විශාල ගැටලූ වලට මුහුණ දෙනවා. අද කාලය ඉතාමත් වටිනවා. අපි වේගයෙන් ලෝකයත් එක්ක ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒකෙදී විශාල කාලයක් වැය කරමින් මේ ලියාපදිංචිය සඳහා ගත කරන්න වීම ගැටලු සහගතයි. ඒවගේම සේවකයින්ටත් මේ වෙනුවෙන් විශාල කාලයක් වැය කරන්න වෙලා තිබුණා. නමුත් අද මේ ආරම්භ වෙච්ච ඩිජිටල් ඊපීඑෆ් මෘදුකාංගයත් එක්ක ඒ බාධක අදින් පසුව ඉවත් වෙනවා.
අපි දන්නවා පසුගිය කාලයක් තිස්සේ සහ දැනටත් මට, ඇමතිතුමාට, අපේ කාර්ය මණ්ඩලයට, අපේ ලේකම්තුමාට සහ කොමසාරිස්තුමිය ඇතුළු නිලධාරින් බොහොමයකට දිනපතා විවිධ පැමිණිලි එනවා. ඊපීඑෆ් එකට ලියාපදිංචි කරගෙන නෑ, නැත්නම් මුදල් අය කරගෙන තියෙනවා ඒවා එවලා නෑ. විවිධ ගැටලු මතුවෙනවා. අපි හිතනවා මේ ගැටලු බොහෝමයක් අදින් පසුව අපට අවම කරගන්න පුළුවන් වෙයි කියලා.
කම්කරු කොමසාරිස් ජනරාල් නදිකා වටලියද්ද මහත්මිය
පැවති ක්‍රමය තුල අඩුපාඩු තිබුණා. සේව්‍ය සේවක සියලු දෙනාට යහපත් සේවාවක් සැලසීම අපේ අරමුණයි. සේවායෝජකයින්ට කම්කරු කාර්යාලයට පැමින ආකෘති පත්‍ර බාර දීමට සිදුවීම, සේවායෝජක අංක ලබා ගැනීමට ප්‍රමාද වීමෙන් සේවකයන් ලියාපදිංචිය සදහා ද වැඩි කාලයක් ගතවීම ,සේවායෝජකයින්ට ඒ් එච් ෆෝරම් ලියාපදිංචිය සඳහා සේවකයන්ට රාජකාරි නිවාඩු ලබා දිම නිසා දෛනික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා ඇතිවීම, සාමාජිකයන්ටත් විවිධ ගැටලු මතුවීම වැනි අපහසුතා තිබුණා. ඒ්, බී සහ එච් ෆෝම්ස් ලියාපදිංචි කිරීමේදි දිස්ත්‍රික් කාර්යාල ද ඇතුළුව දිනකට 1400 ක් පමණ ඉල්ලුම්පත්‍ර ලැබෙනවා. වාර්ෂිකව ලක්ෂ 6 ක් පමණ වෙනවා. ඇත්තටම මෙය සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ දි සහ සෙසු කාරණාවලදි සේව්‍ය සේවකයන්ට පහසුකම් සැලසෙනවා. මෙය ඇත්තටම අලුත් පැහැබර ගමනක දිශානතියක්