විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට තහනම් නියෝගයක් නිකුත් කළා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කරනු ලැබුවේ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කෙරුණා.