දිල්ලි ගුවන්තොටුපලේ බිහිසුණු අනතුරක්

අද (28) දිල්ලි ගුවන්තොටුපලේ පළමු පර්යන්තයේ වහලයේ කොටසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම වහලය කුලී රථ ඇතුළු මෝටර් රථ කිහිපයක් මතට කඩා වැටී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට ගුවන්තොටුපල නිළදාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් දිල්ලි ගුවන්තොටුපලේ පර්යන්ත අංක 1 වෙතින් වන සියලුම පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ආරක්ෂිත පියවරක් ලෙස ඇතුල්වීමේ කවුන්ටර වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!