දේශබන්දු නෙරපීමේ යෝජනාව අද විවාදයට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.