පැන ගිය සජිත් වෙනුවෙන් එවූ ලිපියට දෙරණෙන් උත්තර – සජබ මඩ බලකායෙන් ප්‍රතිඋත්තර ලෙස මඩ

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එම පක්ෂයේ මාධ්‍ය ලේකම් බව සඳහන් කරමින් ඒරානන්ද හෙට්ටිආරච්චි නැමැත්තා දෙරණ නාලිකාව වෙත යවන ලද ලිපියක් හේතුවෙන් මේවනවිට එම නාලිකාව සහ සමගි ජන බලවේගය අතර අර්බුදයක් මතුවෙමින් ඇති බව වාර්තා වනවා.

ඒරානන්ද හෙට්ටිආරච්චි නැමැත්තා දෙරණ නාලිකාව වෙත ලිඛිතව දන්වා ඇත්තේ 360වැඩසටහන සඳහා සජිත් සහභාගී නොවන පසුබිමක ඔහුගේ සහභාගිත්වය සඳහන් කරමින් පුර්ව ප්‍රචාරක පට විකාශය කිරීම වැරදි කටයුත්තක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම ස්ථිර කරමින් දෙරණ වෙත දන්වා තිබු අතර තමන් සහභාගී නොවන බව දන්වා ඇත්තේ අවසන් මොහොතෙයි.

එවන පසුබිමක ඒරානන්ද හෙට්ටිආරච්චි නැමැත්තා යවන ලද ලිපියට දෙරණද නොපැකිලව පිළිතුරු ලිපියක් යවා ඇති අතර ඉන් පසුව සමගි ජන බලවේගය සමාජ මාධ්‍ය ඔස්සේ දෙරණ නාලිකාවට මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

දෙරණ යැවූ පිළිතුරු ලිපිය

සජබ සමාජ මාධ්‍ය ඔස්සේ දක්වන ප්‍රතිචාර

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!