බංග්ලාදේශයේ වසා තැබුණු පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට තීරණයක්

මසකට අධික කාලයක් තිස්සේ බංග්ලාදේශයේ වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මස 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා.

මසකට අධික කාලයකින් පසුව බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.