ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 30 දක්වා ඉහළට

මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.

ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ වසන් කටයුතු සිදුකිරීම වෙනුවෙන් වන්දි මුදලක් ලබාදුන් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!