මුදල් රාජ්‍ය ඇමතිට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති බව සඳහන් වනවා.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන බවත් සිය තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බවත් දුරකථනය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

මේ අතර හඹරන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ පළමුව ජනාධිපතිවරණය පවත්වා පසුව සෙසු මැතිවරණ පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!