පළාත් සභා වඩාත් කාර්යක්ෂම කරන්න ‘මන්ත්‍රී දයාසිරිගෙන්’ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ත්‍රිත්වයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පහත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ත්‍රිත්වය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්තුමිය වෙත බාරදී තිබෙනවා.

පළාත් සභාවලට වඩාත් කාර්යක්ෂම ලෙස සිය කටයුතු කරමින් ජනතාවට වඩාත් ඵලදායී ලෙස සේවය සැලසීමට අවශ්‍ය මූලික නීති ප්‍රතිපාදන සැලසීම මෙහි අරමුණයි.

ඒ් කෙටුම්පත් මෙසේය:

1987 අංක 42 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
1992 අංක 58 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.

පළාත් සභා පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ ය. මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන පරිදි, ඉතා කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි නීති වේ.

අරමුණ වන්නේ, පළාත් සභාවල මූල්‍ය තීරණ ගැනීමේ වපසරිය වඩාත් සුමට කිරීමටත්, රාජ්‍ය ආයතනික රාමුව තුළ පළාත් සභාවල ස්ථානගත වීම වඩාත් තාර්කික සහ කාර්යක්ෂම කිරීමයි.

(තුෂාර වීරරත්න )