ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්, Control Union ආයතනය පිරිනමන ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාර සංකීර්ණය වෙත නිල වශයෙන් පිරිනැමුණු අතර, එම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් පත් විය.
Control Union ආයතනය විසින් ලබා දෙන මෙම සහතිකය ශ්‍රී ලංකාවේ සමාගමකට ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සහතිකයත් සමඟින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් සමාගමේ නිෂ්පාදන අංශය Control Union ආයතනයේ ශුද්ධ ශුන්‍ය බලශක්ති ප්‍රමිතිය යටතේ පිළිගැනීමට ලක් වූ මෙරට ප්‍රථම ආයතනය ලෙස ඉතිහාස ගත වේ. මෙම ජයග්‍රහණය, පාරිසරික වගකීම, බලශක්ති කාර්යක්ෂමතාව සහ නවෝත්පාදනය සඳහා ඩේවිඩ් පීරිස් සමූහයේ කැපවීමට සාක්ෂියකි.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් රන්න නිෂ්පාදන සංකීර්ණය තුළ, ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කරන ලද නවීන තාක්ෂණයෙන් සමන්විත සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීම මගින් එම නිෂ්පාදනාගාර සංකීර්ණය ශුද්ධ ශුන්‍ය බලශක්ති කලාපයක් බවට පත් වී ඇති අතර, එය 100%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන කලාපයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය සමාගමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට බෙහෙවින් බලපා ඇති බවද සඳහන් කළ යුතු කරුණකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් විධායක අධ්‍යක්ෂ බණ්ඩාර හේරත් මහතා මෙසේ පැවසුවේය. “ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමි කර ගැනීම, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය පුරා තිරසාර කාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපගේ කැපවීම වගේම අප සමාගමේ විශේෂඥතාව සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය හා නවෝත්පාදනය කෙරෙහි අපගේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරනවා.”
“පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම් තුළින් දේශගුණික ඉලක්ක සපුරා ගැනීමට සැබැවින්ම කැප වී සිටින ආයතන හඳුනා ගැනීම වෙනුවෙන් Control Unionආයතනය විසින් ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හා ඒ ආශ්‍රිත ප්‍රමිතීන් සකස් කරනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ මෙම සහතිකය හිමි කර ගත් පළමු සමාගම වීමට හැකි වීම පිළිබඳව අපි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් වෙතට සුබ පතනවා.” යනුවෙන් මෙහි දී අදහස් දැක්වූ Control Union ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක මහතා පැවසුවේ ය.
රන්න නිෂ්පාදනගාර සංකීර්ණය, ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමි කර ගැනීම ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති භාවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එය තිරසාර පරිවර්තනයේ පුරෝගාමියෙකු ලෙස ඩේවිඩ් පීරිස් සමූහයේ භූමිකාව ශක්තිමත් කරයි.