ඩේවිඩ් මලාන් ජගත් පිටි­යට සමුදෙයි

එංග­ල­න්තයේ හිටපු අංක එකේ විස්සයි20 පිති­කරු ඩේවිඩ් මලාන් ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යට සමු­දී­මට තීර­ණය කර තිබෙනවා.

2020 වසරේ ශ්‍රේණි­ගත කිරී­ම්වල අංක එක බවට පත් වූ ඔහු T 20 පිටි­යේදී අඩුම ඉනිම් සංඛ්‍යා­ව­කින් ලකුණු 1000 ඉක්මවූ පිති­කරු ද වනවා.

ඒ සඳහා ඉනිම 24ක් වැය කළ ඔහු 2022 වසරේ විස්සයි20 ලෝක කුස­ලා­නය දිනූ එංග­ලන්ත කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

36 හැවි­රිදි වියේ පසු­වන ඔහු ජාත්‍ය­න්තර පිටි­යේදී ටෙස්ට් තරග 22ක්, එක්දින තරග 30ක් සහ විස්සයි20 තරග 62කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අව­සන් වරට ජාත්‍ය­න්තර තර­ග­ය­කට ක්‍රීඩා කළේ පසු­ගිය වසරේ නොවැ­ම්බර් මස පාකි­ස්තා­න­යට එරෙ­හිව එක්දින පිටි­දීයි.