රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි වාර්තා වනවා.
මීට දින 6කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබුණා.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
ඉකුත් (27) වැනිදින ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කිරීමත් සමඟම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවසට ගොස් තිබුණා.
නමුත් ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැත. දමිතා අබේරත්න මහත්මියගේ මව පමණක් නිවසේ සිට ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවස ආසන්නයේ පසුදින දහවල් තෙක් රැඳී සිට අනතුරුවයළි පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.