ලංකා දුම්කොල සමාගම විසින් දුම්වැටි පානය කරන පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීමේ සමීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක එකතු කිරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි.
ලංකා දුම්කොල සමාගම විසින් ත්‍රී ඩී එස් එන්ටර්ටෙයිට්මන්ට් පුද්ගලික සමාගම හරහා මෙම සමීක්ෂණය සිදු කරන අතර එහිදී මෙම දත්ත එකතු කරනු ලබයි.
පුද්ගලයින් දුම්වැටි පානය කරන ස්ථාන කේන්ද්‍ර කරගනිම් මෙම සමීක්ෂණය පැවැත්වෙන අතර මෙය වසර හතර පහක කාලයක් තිස්සේ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව සමීක්ෂණය පවත්වන පුද්ගලයින් සදහන් කළේය.
එහිදී ජාතික හැදුනුම්පත් අංකය, ජංගම දුරකතන අංකය ලබාගන්නා අතර දුම්වැටි පානය කිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරුද එක් රැස් කර ගනී. ඩිජිටල් ක්‍රමවේදයක් හරහා මෙම දත්ත එක් කරගන්නා බවද වැඩිදුරටත් අනාවරණය වේ.