ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි – අලි සබ්‍රිගෙන් ප්‍රකාශයක්

2023 වසරේ පැවති ICC ලෝක කුසලාන සහ T20 ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ සිය X ගිණුමේ සටහනක් තබමින්.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු ඇති බවත් ඒවාට තාවකාලික විසඳුම් ලබා දීමෙන් කිසිදු ඵලයක් නොමැති බවත් එම සටහනේ දැක්වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව, පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් ඉවත් කර එය වෘත්තීය ප්‍රවේශයක් ලෙස ගොඩ නැගිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා වශයෙන් ඔහු සඳහන් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවයි.

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු ක්‍රීඩාවක් , ව්‍යාපාරයක් පමණක් නොවන බවත් එය අපේ ජාතික ආත්මයේ පිළිබිඹුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!