එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්කොන් තරගාවලියට සහභාගී වන ඒ කණ්ඩායම නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් සංචිතය නම් කර තිබේ.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තරගාවලිය අප්‍රේල් 13 වන දින ආරම්භ වන අතර එහි පළමු තරගය ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සවස තුන්කොන් තරගාවලිය සඳහා රටින් පිටත්ව යනු ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ඇති ඒ කණ්ඩායම් සංචිතය මෙසේය.
1.ලහිරු උදාර
2.කමිල් මිෂාර
3.ලසිත් කෲස්පුල්ලේ
4.නුවනිදු ප්‍රනාන්දු
5.සධීර සමරවික්‍රම – නායක 6ගපසිඳු සූරියබණ්ඩාර
7.පවන් රත්නායක
8.සහන් ආරච්චිගේ
9.සොනාල් දිනූෂ
10.දුෂාන් හේමන්ත
11.තරිඳු රත්නායක
12.වනූජ සහන්
13.මිලාන් රත්නායක
14.චමින්දු වික්‍රමසිංහ
15.ඩිල්ෂාන් මධුශංක
16.මොහොමඩ් ෂිරාස්