රංගන ශිල්පිනි දමිතාගේ රුධිර සාම්පල පරීක්ෂණයට අධිකරණයෙන් දින දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්න මහත්මියට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29වනදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිට රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා ලබාදුන් නියෝගය දමිතා අබේරත්න ඉටුකර නොමැති බව සහ ඒ හේතුවෙන් රුධිර සාම්පලයක් ලබාදීම සඳහා ඇයට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා සිටින බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!