ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams හි අනුග්‍රාහකත්වයෙන් හා Country Music Foundation හි සංවිධානත්වයෙන් “The Forum” හිදී මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Country Music පදනමේ සභාපති ෆයිසාල් සමත් මහතා සඳහන් කර සිටියේ “ඉතා ආකර්ෂණීය ගෘහ නිර්මාණයන්ගෙන් සැදුම්ලත් Cinnamon Life at City of Dreams 2025 වසර සඳහා අපගේ නිල හෝටල් සේවා සහකරු ලෙස එක් කර ගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ නවතම ප්‍රසංගයත් සමඟ රසික රසිකාවියන්ට මෙම ස්ථානය දැක බලා ගැනීමටත් එම සුන්දරත්වය විඳගැනීමටත් හැකියාව උදා වනවා. දේශීය හා ජාත්‍යන්තර සුප්‍රසිද්ධ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වීමට අපි කටයුතු යොදා තිබෙනවා”යනුවෙනි.
මීට අමතරව මෙම 2025 සංගීත ප්‍රසංගය සඳහා Dilmah, LOLC, Cargills සහ Firefly ත්‍සරුකෙහ සිය අනුග්‍රාහකත්වය දක්වනු ලබයි. එසේම මෙහි 37 වැනි සංවත්සරය වෙනුවෙන් මෙවර LankaPay ද එක් වේ. මෙම සංගීත ප්‍රසංගයට අදාල ටිකට්පත් රු.3,000 සහ 4,000 යන මිලට කාගිල්ස් ෆුඩ්සිටි අලෙවිසැල් තුලින් දැන් ඔබට මිලදී ගත හැකිය.
මෙම වසරේ ප්‍රසංගය සඳහා ජර්මනියේ Mavericks එක් වනු ඇත්තේ ඔවුන්ටම අනන්‍ය හැකියාවන් හා සුවිශේෂී ඉදිරිපත් කිරීම්ද සමඟිනි. එසේම Cosmic Rays සහ ෆයිසාල් එක්වන මෙහිදී Country Revival කණ්ඩායමේ තිලාන් විජේසිංහ සහ ජනප්‍රිය ගිටාර් වාදක Allan Outschoorn ද සිය හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ Allan Outschoorn සඳහන් කර සිටියේ Country Music පදනම විසින් සංවිධානය කරන ලද 2025 Country Roads වේදිකාව වර්ණවත් කිරීම සඳහා තමන් සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි. ළමා පුණ්‍යායතන සඳහා අරමුදල් එකතු කිරීමට උපකාර කිරීම වෙනුවෙන් ඔක්තෝබර් 17 වන දින ඊට එක්වන ලෙස Allan සියලු දෙනාට ආරාධනා කර සිටියි.
එසේම මෙවර Country Roads වේදිකාවට ප්‍රථම වරට තරුණ ශිල්පීය හැකියාවන් මෙන්ම යූටියුබ් නිර්මාණකරුවන්ගේ හැකියාවන්ද එකතු කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් මනෙත්‍රී මහත්මිය මෙසේ සඳහන් කරන ලදී.
“මගේ කුඩා කාලයේ සිට අදහස් ප්‍රකාශ කිරීමට හා අන් අය සමඟ සබඳතාව ගොඩනගා ගැනීමට සංගීතය තෝරා ගත්තා. ගිටාරය වාදනය පටන් ගත්තේ අවුරුදු 10 දී. වසංගත කාලයේදී සමාජ මාධ්‍ය සමඟ කටයුතු කළ මට ඒ තුලින් සුවිසල් ප්‍රතිචාර හිමි වුණා. මිනිසුන්ට වඩා හොඳ වින්දනයක් ලබා දෙන සංගීත නිර්මාණයන් ඉදිරිපත් කිරීමට මම කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන් වෙනුවෙන් සුවිසල් සේවාවක් සලසන මෙම සංගීත ප්‍රසංගය සඳහා එක්වීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා.”
සම්පූර්ණයෙන් පුණ්‍ය කටයුත්තක් ලෙස ක්‍රියාත්මක මෙම ප්‍රසංගය ස්වේච්ඡා සේවකයින් විසින් මෙහෙයවනු ලබන අතර ඉන් ලැබෙන සියලු මුදල් ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට නියමිතය. පසුගිය වසර 37 තුල මේ යටතේ රුපියල් මිලයන ගණනක ආධාර ළමා පුණ්‍යායතන වෙත ලබා දෙමින් දරුවන්ගේ ගැටලු විසඳීමට සමත්ව සිටියි. මෙහි පළමු ප්‍රසංගය 1988දී ආරම්භ කෙරිණ.