ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බව පොලිසිය පවසනවා.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) රාත්රියේදීයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.
එහිදී වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් ‘පොඩි බලයා’ නැමැත්තා බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ, මධුශංක ද සිල්වා නොහොත් ‘බහිරවයා’ නැමැත්තෙකි.
අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ රැඳී සිටියදී.
පොලීසිය පැවසුවේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
සැකකරුවන් මේ වනවිට අතුරුගිරිය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුකරනවා.
ක්ලබ් වසන්ත ඝාතනයේ සෙසු වෙඩික්කරුද ඉකුත් 23 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.