චීන නැව් ලංකාවට ආවොත් ඉන්දියාව කරන්න හදන දේ

චීන පර්යේෂණ නැවි ලංකාවේ මුහුදු සීමාවට පැමිණියහොත් එයට විරෝධය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටී.

ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන කිසිදු කටයුත්තක් සදහා ලංකාවේ මුහුදු සීමාව යොදා ගැනීමට අවස්ථාව ලබා නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට සහතික වී තිබූ අතර, ඒ අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවට ඉන්දියාව අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග සදහන් කරයි.

යම් ආකාරයකින් චීන පර්යේෂණ නෞකා ලංකාවේ මුහුදු සීමාවට පැමිණීමට උත්සාහ ගතහොත් එය වැලැක්වීමට සෑම පියවරක්ම ගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බවද තානාපති ආරංචිමාර්ග අනාවරණය කරයි.

මෙසේ චීන පර්යේෂණ නෞකා ලංකාවේ මුහුදුසීමාවට පැමිණිමට උත්සාහ ගතහොත් එයට විරෝධය දැක්වීමට පසුබට නොවන බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙක් පසුගියදා මාධ්‍යවේදින් කිහිපදෙනෙක් හමුවේ ප්‍රකාශ කර තිබේ.