ඔන්ලයින් මූල්‍ය වංචා කළ චීන්නු පිරිසක් මීගමුවෙන් අල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් චීන ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

චීන ජාතිකයින් 30දෙනා එලෙස අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ඒ මහතා පැවසුවේ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත බවයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනයෙදී පමණක් ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!