සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය රටට දුන් ආදර්ශය

සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය වන චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය අද (16) ඕමල්පේ පාසලේ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය නිලධාරීන්ට ආදර්ශයක් ලබාදුන් බව වාර්තා වනවා.

ඇය එම උත්සවයට එක්වීමට පෙර තමන්ව පිළිගනිම සඳහා කිසිදු උත්සවයක් නොපවත්වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඒවනවිටත් ඇයව පිළිගැනීම සඳහා පාසලේ තුර්යවාදක කණ්ඩායම සුදානම් කර තිබුණද අවසානයේ එය වෙනස් කිරීමට පාසලේ ගුරුවරු කටයුතු කර තිබෙනවා.

පසුව එම වැඩසටහනට එක්වෙමින් චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය පසෙක තිබූ අසුනක වැඩිවී සිටි අයුරුයි මේ.

හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන ඇය එම පළාතේ අධි­ක­රණ තුනක සේවය කර තිබෙනවා.