අධිකරණ ඇමැතිතුමා කතාව ලස්සනයි. වෙඩි තැබීම් 10යි

“ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මූලික උත්සවයට ලක්ෂ 70ක් ගියා කියලා මම එදා පාර්ලිමේන්තුවේදී එදත් කිවබවා. අදත් කියනවා. හෙටත් කියනවා. මම 9 වැනිදා පාර්ලිමේන්තුවේදී කිව්වා. 10 වැනිදා උදේ 9.45 ට ජනාධිපති ලේකම්, චීෆ් ඔඩිටර්, කුමාරසිංහ මහත්තයා ගෙනාව මේසෙට. ඒ වගේම එකවුන්ටන් තාරක ගෙනාවා මේසේට. ගෙනැල්ලා කතා කළා මේවා වෙනස් කළා. ලක්ෂ 9ට හැදුවා. ලක්ෂ 70 අඩු කරලා ලක්ෂ 9ට හැදුවා. ” අද මැති සභයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මෙලෙස අදහස් දැක්වුවා.

මම කතා කරපු නිසා ලක්ෂ 61ක් ආණ්ඩුවට, රටට ඉතිරි වුනා. ඒක මම කියනවා. ඒක මම ඕන තැනකදී කියනවා. ඒක විතරක් නෙමෙයි, මූලාසනයේ මන්ත්‍රීතුමිය නත්තලට ගෝල් ෆේස්, ඩුප්ලිකේෂන් පාර, ඩ්‍රෝනා සංදර්ශන දැම්මා. ඒ විතරක් නෙමෙයි, අයි.ටී.එන්. එකෙන් ගෲප් එකක් ගැහුවා. ඒකට ආණ්ඩුවෙන් සල්ලි ගෙව්වේ නෑ. ඔයගොල්ලොන්ගේ ආණ්ඩුකාරවරයා ගෙව්වේ. අනිබ් යුසුෆ්ට මොකක්ද තියෙන අමාරුව. අනිබ් යූසූෆ්ට මොකක් හරි ආණ්ඩුවට සංදර්ශන පෙන්නලා.. අපි නම් දන්නේ නෑ ආණ්ඩුකාරවරු ඇවිල්ලා, මේකට වියදම් කළේ ඇයි කියලා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නරකයි කියලා කියන්නේ නෑ. හොදයි.

අධිකරණ ඇමැතිතුමා කතාව ලස්සනයි. වෙඩි තැබීම් 10යි. ඝාතන 7යි. මේවත් ක්ලීන් ශ්‍රී ලංකා වෙනවා නම් හොදයි. මි‘නිස්සුන්ගේ ජීවත්වීමේ අයියියත් ක්ලීන් වෙන්න ඕන. ක්ලීන් ශ්‍රී ලංකා වෙනවා නම් මුලින්ම කුඩු අයින් කරන්න. පාතාලය අයින් කරන්න. අන්න පිලිපීනය ක්ලීන් පිලිපීන් වෙනවා. මේ රටත් ඒ විදියට වෙන්න ඕන.

මේ රටේ පත්වුන ලාබාලම ජනාධිපතිතුමා තමයි මේ. ජනාධිපතිතුමා කළුතරදී කරපු කතාව බලන්. ඒකතාව දිහා. සමාජයේ කොතරම් අය ඒ දිහා.. මහින්ද රාජපක්ෂගේ ගෙදර අරගන්නකෝ. මහින්ද රාජපක්ෂගේ ගෙදර ලක්ෂ 44කට කුලීයට දෙන්න බෑ. කොන්ඩේ බැදපු චීනුන්ට තමයි දෙන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ හෙට එළියට ගියොත්, චන්ද්‍රිකා හෙට එළියට ගියොත්, බණ්ඩාරනායකලා තයමි පවුලේ ඉඩම් බෙදලා දුන්නේ. මහින්ද රාජපක්ෂ එළියට ගියාම ගෙවල් 10ක් අරගෙන දෙන්න මිනිස්සු ඉන්නවා. මහින්ද රාජපක්ෂට ගෙවල් දෙන්න දකුනෙන් ඒවි. පරිත්‍යාගයෙන් එන්නේ.

ජනාධිපතිතුමා හැප්පෙන්නේ තුම්මුල්ලේ විමලේ වගේ. මීට වඩා හොදයි තුම්මුල්ලේ විමලේ. තුම්මුල්ලේ විමලේ වගේ කතා කරන්න එපා. තුම්මුල්ලේ විමලේ වගේ හැසිරෙන්න එපා. ජනාධිපිතුමාට, ජනාධිපතිධූරයේ කාර්යභාරය කරන්න කියන්න.

අපිට සිකියුරිටි ඕන නෑ. තව මාස හයකින් ඔයගොල්ලොන්ට තමයි තවත් මාස හයකින් සිකියුරිටි හොයාගන්න වෙන්නේ. විනයක් ඇතිව හැසිරෙනවා කිව්වා. ලැජ්ජයි. ආණ්ඩුවට ලැජ්ජයි. රෙද්දේ පල්ලේ යනවා. ඇමැතිලා කෑගහන්නේ ඉස්සර පුටුවල. ඇමැතිලාද? අධිකරණ ඇමැති ඔහොමද හැසිරෙන්නේ. ලැජ්ජයි. රෙද්ද පල්ලේ යන්නේ මොනවද කියලා පස්ස හැරිලා බලන්න.

මෙතැන ඉන්නවා, සංචාරක ඇමැති පොලේ ගියා. බදුල්ලේ. පොලේ යනකොට පළා විකුනන අය මෙකද කිව්වේ කියලා අහගන්න.

ක්ලීන් ශ්‍රී ලංකා රටට හොදයි. හොද දේවල් කරන්න ඕන. හනීස් යූසුෆ්ලාට ආණ්ඩුකාරකම් දීලා, ගෝල් ෆේස් එකේ ලයිට් දාන්න ක්ලීන් ශ්‍රී ලංකා ඕන නෑ.

මහින්ද රාජපක්ෂ එක්ක බොරුවට ගේම ඉල්ලන්න එපා. ගේම ඉල්ලන්න ඕන නම් පුතා ඒකක ඉල්ලන්න. ඒ මනුස්සයට දැන් 80යි. ඒ මනුස්සයා එළියට ඇදලා දාලා වැඩක් නෑ. චන්ද්‍රිකා එක්ක ගේම ඉල්ලලා වැඩක් නෑ. ඔය ඉන්නේ නායකයෝ වෙන අය. මේ ගොල්ලෝ එක්ක ගේම ඉල්ලගන්න. නිකම් මේ වයසක මිනිස්සු අල්ලාගෙන

සභානායක –

බස්නාහිර ආණ්ඩුකාරතුමාගේ නම සදහන් කරමින් චෝදනා එල්ල කළා. එතුමා කීර්තිමත් පුද්ගලයෙක්. එතුමා ආණ්ඩුකාරධූරයට පත් කරලා තියෙන්නේ අපේ පක්ෂයේ සාමාජිකයෙක් නිසා නෙමෙයි. ඔහු පත් කර තිබෙන්නේ ආණ්ඩුව ඒකක ව්‍යාපාර කරන්න නෙමෙයි. එතුමාට මේවාට ගෙව්වාද නැද්ද කියලා දන්නේ නෑ. එතුමා මේවාට සම්බන්ධ කරගන්න එපා.

ක්ලීන් ශ්‍රී ලංකා එකේ බිල් ඉදිරිපත් කරාවි කියලා හිතනවා.

අපි රජයේ සත පහක් වත් මුදල් වියදම් කරලා නෑ. මේ සභාවේ නැති රටේ ප්‍රධාන නිලධාරියෙක් ගැන කතා කරන්න එපා.