මැතිවරණ කොමිසම හදිසියේම රැස්වෙයි -වැදගත් කරුණු කිහිපයකටම අවධානය

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබෙනවා.

එම රැස්වීමේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බව සඳහන්වනවා.

එහිදී ප්‍රධාන වශයෙන් පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳවත් එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙන බව සඳහන් වනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙය වනවා.