විදුලි බිල අඩු කරන යෝජනාවක් ?

විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු පහත දැමීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රජයේ ස්ථාවරය අනුව යමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත්දා නිවේදනය කරනු ලැබුවේ විදුලි ගාස්තු මාස හයක් යනතුරු කිසිසේත් සංශෝධනය කළ නොහැකි බවය.

එහෙත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව දිගින් දිගටම ත ර් ක ඉදිරිපත් කරමින් විදුලි ජනන වියදම අඩු කර ගැනීමේ ගැනීමට හැකි බවත් එම නිසා විදුලි ගාස්තු පහත දැමිය හැකි බවටත් මතය ඉදිරිපත් කළේය.