ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියේ ඉල්ලා අස්වීම විදුලි බල ඇමැතිවරයා විසින් පිළිගෙන තිබේ.
දේශපාලන ඇගිලි ගැසීම් නිසා සිය ධූරයේ කටයුතු කරගෙන යාමට නොහැකි බව පවසමින් ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබුණි.
විදුලි බිල ඉහළ නැංවීම සදහා කටයතු කිරීමේදී මේ ආකාරයට අනවශ්‍ය දේශපාලන ඇගිලි ගැසීම් සිදුව තිබෙන බවට සභාපතිවරයා චෝනනා කර ඇත. එමෙන්ම එහිදී මහජන උපයෝගිතා කොමිසමත් අනවශ්‍ය ආකාරයේ බලපෑම්කර ඇති බවද සභාපතිවරයා සදහන් කර තිබේ.
ජනවාරි මාසයේදී පිරිවැයට සරිලන ආකාරයට විදුලි බිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවය විදුලි බල මණ්ඩලයෙන් අවධාරණය කර තිබූ අතර මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල පහත හෙළිමට කටයතු කර තිබුණි.