විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට (14) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට https://ugc.ac.lk www.ugc.ac.lk වෙත පිවිසිමෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය එළඹෙන ජුලි 05 බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!