සාමාන්‍ය පෙළින් පසු ජාත්‍යන්තර සත්කාරක හා සංචාරක වෘත්තියට පිවිසීමේ අවස්ථාවක්.

CAHM හා ඕස්ට්‍රේලියාවේ William Angliss ආයතනය සමඟ ඔබේ වෘත්තීය ගමන අරඹන්න.

අ.පො.ස සාමාන්‍ය පෙළ 2024 ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දෙමාපියන් සහ සිසුන් බොහෝ දෙනාගේ අවදානය යොමු වන්නේ මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවයි. උසස් පෙළ සඳහා සූදානම් වීම බොහෝ දෙනෙකුගේ තේරීම වුවත් Colombo Academy of Hospitality Management වෙතින් පිරිනමන හෝටල් ක්ෂේත්‍රය සඳහා වූ සත්කාරක හා සංචාරක පාඨමාලාව සඳහා ද යොමු වීමේ අවස්ථාව දැන් ඔබට උදා වී ඇත. මේ සඳහා සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම ප්‍රමාණවත් වන අතර, ජාත්‍යන්තරව පිළිගත් සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රයට වෘත්තිකයෙකු ලෙස පිවිසීමටත් මේ හරහා ඔබට අවස්ථාව උදා වේ. 

The Colombo Academy of Hospitality Management (CAHM), ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සත්කාර හා සංචාරක අධ්‍යාපන සරසවියක් වන William Angliss ආයතනය සමඟ හවුල්කාරීත්වයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. Hospitality Management (හෝටල් කළමනාකරණය පිළිබඳව), Commercial Cookery (සූපවේදය පිළිබඳව), Patisserie (බේකරි, කේක් සහ අතුරුපස ආදිය පිළිබඳව), Travel & Tourism (සංචාරක හා සංචරණ ව්‍යාපාරය පිළිබඳව), සහ Event Management (උත්සව කළමනාකරණය පිළිබඳව) වැනි පාඨමාලා ඒ අතරට අයත් වේ.  

මෙම පාඨමාලා සැලසුම් කර ඇත්තේ, ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයේ ගුණාත්මක පුහුණුවක් ද සමඟිනි. මෙමඟින් ලබා දෙන ප්‍රායෝගික කුසලතා සංවර්ධනය හා දැනුම මඟින් සත්කාර හා සංචාරක ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තිකයන් බවට පත් වීම සඳහා සිසුන් තුළ මනා සූදානමක් ඇති කරයි. SLIIT මාලඹේ හි අති නවීන හා අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත පරිසරයක පිහිටි මෙය, සැබෑ ලෝකයේ සත්කාරක සේවා පරිසරයක් අනුව නිර්මාණය කර ඇත. ආහාර සැකසීමේ පහසුකම්, Patisserie Kitchens, ආදේශ මුළුතැන්ගෙයක් සහ භෝජන ශාලාවක් මෙන්ම සුහුරු පන්ති කාමර ආදියෙන් ද මෙම සරසවිය සමන්විතය. 

මෙම පාඨමාලාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අදාළ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ පුහුණුව ලබා දීම සඳහා William Angliss ආයතනයේ සුදුසුකම්ලත් ගුරුවරුන් සහ පුහුණුකරුවන් නිතිපතා ශ්‍රී ලංකාවට පැමිණෙමින් ලබා දෙන අද්විතීය දායකත්වයයි. ලොව හොඳම භාවිතාවන් පිළිබඳ දැනුවත් වීමටත්, ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයක් ලබමින් ලොව පිළිගත් ඕස්ට්‍රේලියානු ආයතනයකින් උපාධිය ලබා ගැනීමටත් සිසුන්ට මේ තුළින් අවස්ථාව හිමි වේ.  

එමෙන්ම, සරසවි වරම් ලැබීමට සිහින මවන ඔබට මාලඹේ SLIIT විශ්වවිද්‍යාලය තුළදී මෙම සුදුසුකම ලබා දෙන බැවින් ඔබේ සිහිනය ද සැබෑ වනු ඇත. 

ඔබේ වෘත්තීය ගමන ප්‍රමාද නොවී ආරම්භ කිරීමටත්, වටිනා අත්දැකීම් හා කුසලතා වර්ධනය කර ගැනීමටත් මෙම පාඨමාලාව ඉවහල් වන බව නිසැකය. CAHM හි වෘත්තීය පුහුණුව තුළින් සිසුන්ට මූලික ආරම්භයක් ලබා දෙන අතර, තරු පහේ හෝටල්, සුඛෝපභෝගී මගී යාත්‍රා සහ ගෝලීය සංචාරක සමාගම් ආදී ක්ෂේත්‍ර සඳහා ඔවුන් සූදානම් කරනු ලබයි. මෙම පාඨමාලාව ඕස්ට්‍රේලියානු කුසලතා තත්ත්ව අධිකාරියේ (ASQA) ප්‍රතීතනය ලබා ඇති අතර, ජාත්‍යන්තර පිළිගැනීම ද සහිත නිසා වැඩිදුර අධ්‍යාපන වරම් ද ලබා ගැනීමේ හැකියාව ඇත.  

ඕස්ට්‍රේලියාව, යුරෝපය, අග්නිදිග ආසියාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව හා ලංකාව පුරා විසිරී සිටින 2,500කට අධික ආදි ශිෂ්‍ය පිරිස CAHM හි සාර්ථකත්වය පිළිබඳ දිය හැකි හොඳම සාක්ෂියයි. මෙම උපාධි පාඨමාලාව හදාරා අවසන් කරන ශිෂ්‍යයෙකු, හුදෙක් රැකියා සඳහා සූදානම් වෘත්තිකයෙකු ලෙස පමණක් නොව, වේගයෙන් වර්ධනය වන මෙම ක්ෂේත්‍රය තුළ අනිවාර්යෙන්ම තිබිය යුතු තාක්ෂණික හා ප්‍රායෝගික හැකියාවන්ගෙන් පිරි වෘත්තිකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.

සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට, සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථාවන් උදා කර දෙන්නට CAHM ප්‍රායෝගික මෙන්ම පහසු ආරම්භයක් ලබා දෙයි. 2025 සැප්තැම්බර් බඳවා ගැනීම් සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලාංකික දූපුතුන් වෙනුවෙන් දැන් විවෘතව ඇත.