Glocal Fair ජංගම සේවාවට කැබිනට් අනුමැතිය

Glocal Fair දිස්ත්‍රික් ජංගම සේවා වැඩසටහන් මාලාව පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට කර තිබූ මෙම යෝජනාව අනුව විගමනික ශ්‍රමිකයන් සහ අනාගත ශ්‍රම වෙළෙඳපොලට එක් වීමට ඔවුන්ගේ තරුණ දූ දරුවන් හට වෘත්තිය කුසලතා වැඩිදියුණු කර ගැනීමට පහසුකම් හා අවස්ථාවන් හඳුන්වා දීම මෙමගින් අපේක්ෂා කරනවා.

ගෝලීය අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස රටේ ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ පවතින විදේශ සේවා නියුක්ති කාර්යංශය, මිනිස්බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රම වාසනා අරමුදල සහ අනෙකුත් ආයතන විසින් සේවා සපයනු ලබනවා.

ඒ අනුව එම ආයතනවල සේවා එකම තැනකින් සම්පාදනය කරනු ලබන මෙම වැඩසටහන දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!