බස් රථයක් පාලමක ගැටෙයි- හතකට බරපතල තුවාල

කොළඹ -කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය පාලම උඩදි මෙම අනතුර සිදුව තිබෙනවා.

ඒ අද අළුයම හතරට පමණයි.

අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව බස් රථය පාලමේ ගැටී ඇති අතර ,ඉන් බස් රථයේ ඉදිරි වම් පස කොටසාට හානි සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු පමණ ඇළ මාර්ගයට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින්ගේ මැදිහත්වීමෙන් ඔව්න් බේරාගෙන රෝහල්ගතකර තිබෙනවා.