බ්‍රසීලය එක්ස් සමාජ මාධ්‍ය ජාලය අත් හිටුවයි

එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

එම සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසයි.

කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීම නිසා එරට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබෙනවා.