මියගිය ධීවරයින්ගේ සිරුරු තංගල්ල ධීවර වරායට

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ “ඩෙවොන් 05” ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.

අද (03) උදෑසන අදාළ මළ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

කාර්මික දෝෂයට ලක්ව තිබු එම යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් ඇත්තේ තවත් යාත්‍රාවක් යොදා ගනිමින්.

මහේස්ත්‍රාත්වරයා පැමිණ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්‍රාවේම තබා ඇති බව තංගල්ල පොලීසිය සඳහන් කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!