වයස අවුරුදු 92ක් වන විශ්‍රාමික ගුරුවරයෙක් ATM කාඩ් පතක් ලබාගැනිම සදහා ලංකා බැංකුවේ බද්දේගම ශාඛාවට ගිය අවස්ථාවේදී කාඩ් පතක් ලබාදිය නොහැකි බව පවසමින්, කාඩ් පත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව අනාවරණය වේ.
වසය අවුරුදු 92ක් වන එම විශ්‍රාමික ගුරුවරයා තවමත් ඇවිදිමින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන අයෙක් වන අතර ඔහුට ATM කාඩ් පතක් ලබා ගැනීමට ගිය අවස්ථාව පිළිබදවත්, එම කාඩ් පත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ ආකාරය පිළිබදවත් ඔහුගේ පුතෙක් වන ප්‍රදීප් ගුණවර්ධන සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.
එම සමාජ මාධ්‍ය සටහන මෙසේය.
අද (2025-07-17) අසාධාරණ සිදුවීමක් ….මහ බැංකුවේ , ලංකා බැංකුවේ ඉහල කලමනාකාරීත්වයට…, පොලිස්පතිතුමාගේ අවධානයට….
මම අද හවස 2:40 ට පමණ තාත්තා සමග බද්දෙගම BOC (ලංකා බැංකුව ) ට ගියා …තාත්තාගේ බැංකු කටයුත්තකට…තාත්තාට දැන් වයස 92ක්, කාලෙක ඉදලා කොහොමත් අමාරැවෙන් ඇවිදින්නෙ…දැන් සති 3 කට විතර කලින් වැටිලා බෙහෙත් කරන ගමන් ඉන්නෙ..ඒ නිසා දැන් වෙනදට වැඩිය අමාරැයි…ඒ නිසා බැංකුවෙන් සල්ලි ගන්න ATM Card එකක් ගන්න ඕනෙ කියල එයාම කිව්වා…ඒ බව බැංකුවෙ අදාල සේව්කාවකට කිව්වාම එයා කිව්වා මැනේජර් හම්බවෙන්න…තාත්තට වයස නිසා මැනේජර්ගෙන් අහන්න කියලා…ඉතිං මම තාත්තාට ඉන්න ඇරලා මැනේජර් ලගට ගියා…මම එයාට තාත්තාට වයසයි හැමවෙලේම බැංකුවට එන්න අමාරැයි…ලගදි වැටිලා පත්තුවකුත් බැදලයි ඉන්නෙ…ඒ නිසා තාත්තාට සල්ලි ගන්න කාඩ් එකක් අවශ්‍ය බව කිව්වා…මැනේජර් නෝනා ගත්තු කටටම කිව්වා තුන්වන පාර්ශවයකට කාඩ් එකක් ලබා දෙන්න බෑ කියලා…මම ඇහුවා එතකොට මිස් තාත්තා කොහොමද සල්ලි ගන්නෙ..වයසක මනුස්සයින්ට සල්ලි ගන්න කුුමවේදයක් තියෙන්නෝන නේද කියලා…එයා කිව්වා අපිට බැංකු රෑල්ස් වලට එහෙම දෙන්න බෑ කියලා…මම කිව්වා එහෙනම් ඔයාලා මිනිස්සු සල්ලි දාද්දි ඕවා කියන්න ලැජ්ජයි ඔයාලගෙ බැංකුව ගැන…ඔරිජිනල් කස්ටමර් ඇවිත් කාඩ් එකක් ඉල්ලුවාම දෙන්න බැරි ඇයි කියලා…මේවා පුුවෘත්ති වලට දාන්න වටින ඒවා කියල…එහෙම කියාගෙන මම මැනේජර්ගෙ රෑම් එකේ දොර ලගින් ආවෙ එතනම එහා වාඩිවෙලා ඉදපු තාත්තාට කියාගෙන “තාත්තෙ මෙන්න මේ බැංකුවෙ තියෙන සල්ලි ටික ඔක්කොම අරගන්න…මේවගේ බැංකුවල සල්ලි දාන්න එපා ” යනුවෙන්…
මෙන්න එතකොටම බැකුවේ කවුන්ටර් පැත්තෙ ඉදලා තරැ දෙක තුනක් පලදපු පොලිස් නිලධාරියෙක් ඇවිත් ඇයි මොකක්ද පුශ්නෙ කියල ඇහුවා…මම කිව්වා ඒක අපේ කතාවක් කියලා…ඒපාර කිව්වා මෙතන රණ්ඩු ඇතිකර ගන්නෙපා කියලා…මම කිව්වා මෙතන කවුරැවත් රණ්ඩු වුනේනැ අපට අදහස් පුුකාශ කරන්න පුළුවන් ඒක කාටවත් නවත්වන්න බෑ කියලා…අනෙක මම කිව්වා කාටවත් වැඩක් නෑනෙ මේක අපේ කතාවක් කියලා…බැංකුවෙ සිකියුරිටියි, පොලිස් නිලධාරි යයි දෙන්නම කිව්වා එයාට අයිතියක් තියෙනවා එයා බැංකුවෙ සිකියුරිටි oic කියලා…ඒ පොලිස් මෑන් මට කිව්වා “අදහස් පුකාශකරන්න…අල්ලලා කූඩුවට දානවා” කියල, මම කිව්වා “අන්න පුළුවන්නම් දාන්න” කියලා…එතකොට එයා බැංකුවෙන් එලියට ගියා…ඊලගට සිකියුරිටි එයාගෙ වෙෆන් එකත් උළුක් කරගෙන ඇවිත් දබර ඇගිල්ල දික්කරලා මට කියනවා රාජකාරියට බාධා කරන්නෙපා කියලා….මේක පුදුම වැඩක් අපේ බැංකු ගණුදෙනුවට අදාල සිද්ධියක් කතා කරද්දි රාජකාරියට බාධා කලාලු…ආයෙ කියනවා මැනර්ස් ඇතුව කතා කරන්න කියලා…මම ටිකක් හයියෙන් කතා කලා…අසාධාරණයක් වුනාම කවුද මුමුනන්නෙ…මම කිව්වා මැනර්ස් ඇතුව හැසිරෙනවද නැත්ද තීරණය කරන්නෙ මම කියලා….
ඒ වෙලාවෙ මැනේජර් අපි ලගට ඇවිත් , වෙන කුුමයක් තියෙනවද බලන්නත් ඉස්සෙල්ලා මහත්තයා ඔහොම කියනවනෙ වගේ එකක් කියලා තාත්තගෙන් එක එකේවා අහනවා…ඒ අස්සෙ මට මැනර්ස් නෑ කියපු සිකියුරිටි එතන ඉන්න බැංකුවේ අයඑක්ක මට බනිනවා මූට මූට කියලා…
මගේ ඉවසීමෙ සීමාව ඉක්මවලා ගිහින් මම කිව්වා මට මැනර්ස් නෑ කියලා උඹ මූට මූට ගාන්නෙ කොහොමද මට කියලා…මම video කරන්න හදද්දී අනෙත් සිකියුරිටි ඇවිත් මට එපා කිව්වා….මම එකක් කියන්නෝනෙ…මම නම දන්නෑ ඒ ඉස්සර ඉදලා තාත්තා එක්ක බැංකුවට ගියාම ඒ ටිකක් මිටි සිකියුරිටි මහත්තයා ගොඩක් උදව් කරනවා…ඒ මනුස්යාගෙ මනුස්සකම අගය කරන්නෝනෙ…අද එයා නෙමෙයි එතන හිටපු උස සිකියුරිටි තමයි අර ජරාවිදියට..අත්තනෝමතික විදියට කඩන් පැන්නෙ…ඔන්න බැංකුවෙ තත්වෙ…
අනෙක මම තුන්වෙනි පාර්ශවයකට නෙමෙයි බැංකු කාර්ඩ් එක ඉල්ලුවෙ තාත්තට,තාත්තා වැටිල පත්තු බැදපු නිසා මම ගියේ මැනේජර් ලගට තාත්තට ආයෙ නැගිටින්න අමාරැ නිසා… අනෙක මම තාත්තට පාවිච්වි කරන්න…බෙහෙත් ගන්න ගියත්, ගෙදර කිට්ටුව තියෙන ටේුලර් මැෂින් එකකින් සල්ලි ගන්නත් ලේසි නිසා…අනෙක තාත්තා එක්ක ලග තියෙන ටේුුලර් මැෂින් එකකට යනව වගේද හැමදාම සල්ලි ඕන වුනාම බද්දෙගම යන්න…ඒවාට යන වියදම්, අපහසුව.ඒවා අපි විදගන්නෝනෙ….තාත්තා දරැවන් දහස් ගානකගෙ ඇස් පාදපු ගුරැවරයෙක් , මෝඩයෙක් නෙමෙයි…එයා කාම හොදට ලියනවා කියවනවා හොදට…එයාගෙ බැංකු පෝර්ම් එකවත් ,ලියුමක්වත් අපි ලියන්නෑ…එයාට පාරඅයිනෙ වාහනේ නවත්තලා හැරමිටියෙ වාරැවෙන් ගිහින් මැෂින් එකෙන් සල්ලි ගන්න බැරිකමක් නෑ…ඒ වුනාට මැනේජර් කියන්නෙ එයාට බෑ කියලා…වයසක උනත් එයාට කාඩ් එකක් ගන්නෝනෙ නම් ගන්න අයිතියක් නැත්ද?…
ඒ පාර මැනේජර් අහනවා දුවෙක් නැත්ද එයාට ජොයින්ට් එකවුන්ට් එකක් දාන්න එතකොට ඇවිත් එයාට ගන්න පුළුවන්ලු…ඒ කියන්නෙ පුතාලා හොරැ…මේක පුදුම රටක්..පුදුම නීතියක්…මේවා නිවැරදි වෙන්නේ කවදාද…ඒ මැනේජර් ගෑනුකෙනා හිතනවා ඇති කාඩ් එකක් හදලා මම සල්ලි ගන්න හදනවා කියලා..මම කියලා ආවෙ තාත්තගෙන් අහන්න මම එක රැපියලක් අරගෙන නෑ එහෙම කියලා…අපි නෙවෙයි හොරකම් කරන්නෙ ආයතන වල නලතල දරන උන්,..දේශපාලුවෝ….ඒ පර මට මැනේජර් කියනවා තාත්තා ඉස්සෙල්ලා කාඩ් එකක් අරගෙන තිබුනනම් අවුලක් නෑ කියලා…ඒක පුදුම කතාවක් ඒ මනුස්සයට අවු 92ක් වුනාට එයා තාමඑයාගෙ හැම වැඩක්ම කරගන්න කෙනෙක්, හැරමිටිය ගහගෙන අදත් බැංකුවට ආවෙ…
මම මේක බුකියට ලිව්වෙ මේ අසාධාරණ තව දුරටත් සිදුනොවෙන්න බැංකුවෙ ඉහල නිලධාරීන් දැනුවත් කරන්න…අනෙක මම රට වැසියෙක් පුරවැසියක් විදියට සාධාරණ නීතියට හිස නවනවා…හැබැයි නීතිය නවන ,පිලිකුල් සහගත නිවට පොලිස් නිලධාරීන්ට ඔළුව නවන්නෙ නෑ…පෙරේදා දවල් පුුවෘත්ති වල අගමැති තුමිය කිව්වා අනාගත පරපුර බිහිකරන්නෙ අසාධාරණයක් වුනාම අරගල කරන්න…කතාකරන්න පුළුවන්, අසාධාරණය වෙනුවෙන් නැගීසිටින්න පුළුවන් මිනිස්සු හදන්න කියලා…මෙහේ පොලීසියයි බැංකුවයි..සිකියුරිටිලයි අපේ කට වහන්න හදනවා….අනෙක පුදුම වැඩේ මේරටේ අසාධාරණේ කතා කරන්න යද්දිම රාජකාරියට බාධා කලා කියලා අපිව නවත්තනවා…එක්කො අත්අඩංගුවට ගන්නවා…මේක ඉක්මනටම නවත්වන්න…හැමෝටම අසාධාරණයක් වෙනුවෙන් කතාකරන්න, තර්ක කරන්න අයිතියක් තියෙනවා…ජේ්යෙශ්ඨ පුරවැසියන්ට ඉහලින් සලකනවා කියන ජාතියේ මහා පහන්ටැඹ….මේ සිද්දිය අදාල අංශ වලට බලන්න බැංකුවෙ cctv ඇතිනෙ….බලන්න…බලලා අසාධාරණේ විසදන්න….