පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණ ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.
මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළා.
යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.