බංග්ලාදේශය පුරාවට ඇඳිරි නීතිය පනවා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බවයි එම වාර්තා පවසන්නේ
දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වුණු සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා තිබුණා.
රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටයි රජය පියවර ගෙන තිබුණේ.
කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවට පසුගියදා ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලු ම රූපවාහිනී ප්රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා තිබෙනවා.
එසේම රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර තිබෙනවා.
1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමිනුයි සිසුන් මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ.
මෙම කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට 2018 වසරේදී බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණත් මහාධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් එය යළි පණගැන්වීමට රජය උත්සාහ කිරීම මේ විරෝධයට පදනම් වී තිබෙනවා.