බන්දුල මීළඟ මහ මැතිවරණයට එන්නේ නෑ

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනීමත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමත් තම අදහස බවයි ඔහු කියා සිටියේ.