දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වනවා.

ඒ මහතා මියයන විට 84 වන වියේ පසුවුණා..