හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට හලාවත අධිකරණය ඊයේ (04) තීරණය කළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා මහතා පැවසුවා.
මෙම නඩුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා සිටි සාක්ෂිකරුවන් දෙදෙනාම මිය යෑමත්, පොලීසිය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමත් හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බවද නීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.