ඊයේ (10) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින්.
එම සැකකරුවන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප මතයි මුදාහැර ඇත්තේ.
ඊට අමතරව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අයට එරෙහිව මාළිගාකන්ද අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් වන ලෙසටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිවයි ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ.
මැතිවරණ පනත, මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරමින් පෙළපාළියක් ආකාරයෙන් ගමන් ගත් බවයි කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයට දැනුම්දී ඇත්තේ.
එසේම එම උද්ඝෝෂකයින් රාජකාරි නිමවා නිවෙස් වෙත යන සේවකයන්ට අවහිර වන ලෙස සම්පූර්ණයෙන්ම පාරක් අවහිර කරමින් ගමන් ගත් බවත් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.
මෙම සැකකරුවන් කිසිදු අපේක්ෂකයෙකුට සහාය දීමක් සිදුකර නොමැති බවයි අනාවරණය වුණා.