ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහෝදරයා ‘තමන්ගේ වැටුප’ දෙගුණ කරගෙන

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහෝදරයා තමන්ගේ වැටුප දෙගුණ කරගෙන ඇති බවත්, කජු කන බවට වන කතාව ඇත්ත බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ආනන්ද පාලිත පැවසුවේය.

තුන්ලක්ෂ විසි තුන්දහසක් ලබාගත් සභාපතිවරයා මේ වන විට හය ලක්ෂ විසි පන්දහසක් වැටුප් ගන්නා විට එම වැටුප දෙගුණ කරගෙන නොමැතිදැයි ඔහු ප්‍රශ්ණ කළේය.

මෙම තොරතුරු මාධ්‍ය විසින් එළි දක්වන විට මාධ්‍යට තර්ජනය කරන බවද ඔහු කීවේය. ඒ අතරම තමන්ගේ ලිපි ගොනුවක් රැගෙන ගොස් තිබෙන බවද ඔහු කීවේය.

මෙම සභාපතිවරු පත් කිරීම ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙන්වා දුන් බවද කීවේය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ වැටුප් ගැන විවාදයක් අවශ්‍ය නම් තමන් සමග විවාදයකට එන ලෙසද ඔහු අභියෝග කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන දිනවලදී සිටින්නේ දහ දෙනා නම් තිස් දෙනෙක්ට කෑම ගෙන්වන බවද ආනන්ද පාලිත පැවසුවේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ වන විට භාවිතා කරන්නේ කුමන වාහන දැයි ඔහු ප්‍රශ්ණ කළේය. මොන්ටේරෝ වාහන තුනක් සහ බී.එම්.ඩබ්ලිව් රථයක් තබාගෙන ඉන්න ආයතනයට ාහන ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. කළමනාකරුවන්ට මෙම වාහන ගන්නා බවද ඔහු කීවේය.

මෙසේ වාහන ගන්නේ කාගේ බූදලයක්දැයි ඔහු ප්‍රශ්ණ කළේය.