රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති අතර මෙවර අයවැයෙන් ද ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බව ඔහු පුද්ගලික රුපවාහිනී නාලිකාවකට සඳහන් කර තිබෙනවා.