ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනයට සම්බන්ධ නම් ලැයිස්තුව

ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් රැසකගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

එම නම් ප්‍රකාශ කරනු ලැබුවේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්.

දරුවන්ටත් උදව් කරන්න පුලුවන් විදියේ ජනාධිපතිවරයාගේ අරමුදල් පනත කියලා පනතක් තියෙනවා. මේ පනත අනුව උදව් කළ යුතු කොට්ඨාශ කිහිපයක් තියෙනවා.

දරිද්‍රතාවයට සහන සලසන්න, අධ්‍යාපනය හෝ ඥාණය වර්ධනය කිරීමට, ආගම නංවාලීම සදහා හෝ ආගමික වත් පිළිවෙත් පවත්වාගෙන යාමට, ජාතිය වෙනුවෙන් සේවය කර ඇති අය සදහා, ජනාධිපතිවරයා හෝ මණ්ඩලය විසින් අනුමත කරන වෙනත් කාර්ය සදහා උදව් කරන්න පුලුවන්. ජනාධිපති අරමුදලෙන් සහන දෙන්න පුලුවන් මේ අයට.

2005 2024 කාලය තුළ මේ අරමුදලින් කරපු ගෙවීම් මම ළග තියෙනවා. මම නම් ටිකක් කියන්නම්, ජනාධිපති අරමුදින් මුදල් අරගත්ත අයගේ.

අපේ ගම්වල පිළිකාවකට හරි වෙනත් රෝගයකට උදව් ගන්න ගියොත් කොතරම් අමාරුද?

මම නම් ටික කියන්නමි. පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, ශෙඩ් ගොක් මොනරාගල තියෙනවා. මනෝජ් සිරිසේන, පී. දයාරත්න, එස්.ඒ. මුතුකුමාරණ, වාසුදේව නානායක්කර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න. මේ ජනාධිපති අරමුදලින් අරමුදල් ගනිපු අයගෙන් කොටසක්.

තවත් නම් ටිකක් තියෙනවා, හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕන.

ජේ.පී.ඩී.පී.කේ ජයසේකර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආපු ජයසේකර කවුද? අපි දන්න ජයසේකර එක්කෙනයි ඉන්නේ. කවුද? ජේ.පී. දසාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕන. කළුතර දිස්ත්‍රික්කයේ එච්. එම්.පී. එන් ද සිල්වා. මෙහෙම නමක් ඡන්ද ව්‍යාපාරයේ තිබුණේ නෑ. හැබැයි පියල් නිශාන්ත ද සිල්වා කියලා නමක් තිබුණා. එයා තමයි මේ. එස්.ඒ.ඩී.එස්. ප්‍රේමජයන්ත. ගෙදර ලිපිනය තියෙන්නේ නුගේගොඩ. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී. ප්‍රේමජයන්ත කවුද? හා… සුසිල් ප්‍රේමජයන්ත. මේ නම හොයාගන්න ටිකක් අමාරු වුනා. මේක තියෙන්නේ මෙහෙමයි. ඊ.අයි.ඩී.ඩී. පෙරේරා. බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති. ඉසුර දේවප්‍රිය ධර්මසේන පෙරේරා. ඉසුර දේවප්‍රිය. එස්.ඒ.ජගත් කුමාර. ලක්ෂ දහයයි. කේ.පී.එස්. කුමාරසිරි. ජයලත් ජයවර්ධන, ලක්ෂ දයහයි. නාමල් ගුණවර්ධන, ලක්ෂ දහයයි. ධර්මදාස බණ්ඩා, ලක්ෂ දහයයි. විදුර වික්‍රමනායක, ලක්ෂ පහලොවයි. විමලවීර දිසානායක ලක්ෂ තිහයි. ලකී ජයවර්ධන, නුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ දාසයයි දශම දෙකයි. පී. චන්ද්‍රසේකරන, ලක්ෂ දාහතරයි. ජෝන් අමරතුංග, ලක්ෂ හතලිහයි. ජොජ්සප් මයිකල් පෙරේරා, ලක්ෂ ව්සි හතයි. ටී.බී. ඒකනායක, ලක්ෂ හතලිස් හතයි. ඩබ්ලිව්.එම්.එස් ෆොන්සේකා, ලක්ෂ පනස් පහයි. මේ සර් ෆොන්සේකා නෙමෙයි. ජයන්ත වීරසිංහ, නීතීඥයා, මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක අරගෙන තියෙනවා ලක්ෂ අනූවක්. ඇලික් අලුවිහාරේ ලක්ෂ විසි දෙකයි. රංජිත් අලුවිහාරේ ලක්ෂ අටයි දශම දෙකයි. මුළු අළුවිහාරේ පවුලම බෙහෙතේ අරගෙන තියෙන්නේ ජනාධිපති අරමුදලෙන්.

තව තියෙනවා. රාජිත සේනාරත්න, ලක්ෂ සීයයි. කෙහෙලිය රඹුක්වැල්ල ලක්ෂ එකසිය දහයයි. අර හෝටලේ කාමරෙන් කාමරේට පනින්න ගිහිල්ලා. මේ තියෙන්නේ මෙඩිකල් ට්‍රීට්ටමන්ට ඇප්පෲඩ්. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, ලක්ෂ එකසිය දොලහයි. රංජිත් සොයිසා, ලක්ෂ එකසිය අසූ අටයි. දි.මු. ජයරත්න, ලක්ෂ තුන්සීයයි. මේ ජනාධිපති අරමුදලේ මුදල්.

මේ දුප්පත් කම අඩු කරන්නද, ආගමට සේවයක් කරන්නද, ඥාණය වර්ධනය කරන්නද? මේ ජනාධිපති අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා වෙන්නේ ජනාධිපතිවරයා. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරු තමයි හිටියේ.

මේවා පාර්ලිමේන්තුව දන්නේ නෑ. රටේ ජනතාව දන්නෙත් නෑ.

මේ රටේ දරුවන් වෙනුවෙන් වියදම් කර්න තිබුන මුදල් තමයි මේ. මේ මුදල් ජනතාවගේ දරුවන් වෙනුවෙනුවෙන් වෙන් කරන්නේ.