ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
විසි අට වැනි කතානායක ධූරය සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාත් සමගි ජන බලවේගයෙන් රෝහිනී කුමාරි විජේරත්න මහත්මියත් යෝජනාකිරීමට නියමිතයි.