කොළඹ පළාත් පාලන ආයතනවල නිලධාරීන් ‘දේශපාලන අවශ්‍යතා මත’ මාරු කිරීමේ උත්සාහයක්

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ප්‍රධානත්වය දරන නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත මාරු කිරීමේ උත්සාහයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

ඉදිරි පළාත්පාලන මැතිවරණයට පෙර ඔවුන්ව මාරු කිරීමයි රජයට සම්බන්ධ ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අරමුණ වී ඇත්තේ.

එම නිලධාරීන්ට ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයන් මේවන විටත් බලපෑම් කරමින් සිටින අතර ඊට අවනත නොවන නිලධාරීන් මාරු කර ඔවුන්ට හිතවත් නිලධාරීන් ගෙන්නා ගැනීම සඳහා මේවන විටත් කටයුතු ආරම්භ කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

පසුගිය රජයන් සමයේ මෙන්ම දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම වත්මන් රජය යටතේ ද සිදුවන බවයි එම පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහන් කරන්නේ.